
කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය,අනුරාධපුර
අ/බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික පාසල,අනුරාධපුර අධ්‍යාපන කලාපයේ නොච්චියාගම අධ්‍යාපන කොට්ඨාසයට අයත්,එම ප්‍රදේශයේ වැඩිම ශිෂ්‍ය ඝනත්වය සහිත ප්‍රාථමික පාසල වේ.නුවර කලාවියට ආවේණික කටුක අන්දර ලදු තැන් තැන්වල ශේෂව පැවතියද උතුම් ජය ශ්‍රිි මහා බෝ සමිදුන්ටත් ලෝ සුපතළ විල්පත්තු ජාතික වනෝද්‍යානයටත් අතර මැද පිහිටි මෙම පාසල ජාත්‍යන්තර වෙත පහසුවෙන් සමිිප කළ හැකි පාසලක් සේ මම තරයේ විශ්වාස කරමි.
ජාතික ප්‍රතිපත්ති රාමුව මත පිහිටා රජය විසින් දරන අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමේ වැඩසටහන් සදහා අ/බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විදුහල විසින් අලුත් වෙබ් අඩවියක් ආරම්භ කොට දරන උත්සහය අගය කරමි.තවදුරටත් සාම්ප්‍රදායික පන්ති කාමරයක සිට 21 වන සියවසේ අධ්‍යාපන අභිලාස ජය ගැනිිම යථාර්ථවත් නොවන බව හදුනාගෙන කටයුතු කිරිිමට පෙළඹිිම නව ලොවට පිය මනින දරුවන්ට නව මං පෙත් විවර කරන්නට දරන උත්සහය ආරම්භ කරන්නා සේ ම යාවත්කාලිින කරගෙන යාමට ද විදුහල්පතිතුමන් ප්‍රධාන සියලු දෙනාට ම අවධාරණය කරමින් සුභ පතමි.