• Call Us: 025-2257099
  • - Mail Us: bmps@gmail.com

බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය,පාසල් පටුමග, නොච්චියගම

Bandaranayaka Model Primary School

Nochchiyagama

aboutimg aboutimg
photo photo photo photo
brand
brand
brand
education education education
45 +

YEARS EXPERIENCE JUST ACHIVED

About Us

Welcome to the Bandaranayaka Model Primary School

  • ලිපිනය :- පාසල් පටුමග, නොච්චියගම
  • ග්‍රාමසේවා කොට්ඨාසය :- 334, නොච්චියාගම
  • අධ්‍යාපන කොට්ඨාසය :- නොච්චියාගම
  • අධ්‍යාපන කලාපය :- අනුරාධපුර
  • විදුහල්පතිගේ නම :- කේ. එල්. ඒ. දයාරත්න( ශ්‍රී.ලං.වි.සේ. 1)
counter
20+

NUMBER OF BUILDINGS

counter
1427+

TOTAL STUDENTS

counter
43+

TOTAL TEACHERS

counter
5+

NON ACADEMIC STAFF

About Us

History
Of Our School

1980 මහවැලි සංවර්ධන මණ්ඩලය මගින් අනාගත විකල්ප පාසලක් ලෙස නිර්මාණය කල මෙම විද්‍යාලය 1984 වර්ෂය සිට අ/ විද්‍යාදර්ශ මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය ලෙස විද්‍යාදර්ශ මහා විද්‍යාලයේ විදුහල්පතිගේ පරිපාලනය යටතේ 1996 වර්ෂය තෙක් ක්‍රියාත්මක වූ අතර 1996 වර්ෂයේ සිට මේ දක්වා අ/බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලය ලෙසත් 2000 වර්ෂය සිට අ/බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය ලෙසත් ක්‍රියාත්මක වන අතර 1-5 ශිෂ්‍ය සංඛ්‍යාව 1500 කට ආසන්න වේ. කොට්ඨාසයේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් සිටින පාසල් අතරින් විද්‍යාදර්ශ මහා විද්‍යාලයට පමණක් දෙවැනි වේ.

1 – 5 සමාන්තර ශ්‍රේණි 07 කින් යුක්තව අ/බණ්ඩාරනායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය 2017 වර්ෂය සිට විශේෂ අධ්‍යාපන ඒකකයක්ද සහිතව ඉගෙනුම් අවස්ථා ඇති කර ඇති අතර සිසුන් 1500ක් පමණ ඉගෙනුම ලබයි.

නොච්චියාගම කොට්ඨාසයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලයේ ඉහලම අගයන් හිමිකරගෙන ඇත.

විෂය සමගාමී ක්‍රියාකාරකම් තුලින් සෞන්දර්යය , ඉංග්‍රීසි , දෙවන බස දෙමළ වැනි විෂයයන් වලදී කොට්ඨාස/ කලාප / පළාත් මට්ටමේ ජයග්‍රහණ හිමිකරගෙන ඇත.

ගුරු භවතුන් 43 දෙනෙකු හා නියෝජ්‍ය විදුහල්පතිවරුන් දෙදෙනෙකු , විදුහල්පති වරයෙකු සහිතව පාසල ක්‍රියාත්මක වේ.

දැක්ම

අගයමු දස්කම් - ගුණ නැණ විස්කම්
වෙමු පුරවැසියන් - විනයෙන් අගතැන්

මෙහෙවර
ජාතික පොදු අරමුණු හා අධ්‍යාපන අරමුණු තුළ පිහිටා සිසු දරුවන්ගේ විභව ශක්තින් හා විවිධත්වයන් හඳුනාගෙන අත්‍යාවශ්‍ය නිපුණතා සාක්ෂාත් කරගනිමින් විෂයානුබද්ධ, විෂයය සමගාමී හා විෂයය බාහිර ක්‍රියාකාරකම් තුළින් දැනුම, කුසලතා ආකල්ප හා සාරධර්මවලින් පිරිපුන් අනාගත අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි ගුණාත්මක බවින් යුක්ත පුරවැසියන් බිහිකිරීමට අවස්ථා සම්පාදනය කිරීම අපගේ අරමුණ වේ.

පාසල් ගීතය

සිරිසර දී නිති සැරදේවා
බණ්ඩාරනායක විදුහල් මාතා
සෙනෙහෙ දියෙන් බැති කුසුම් දොවා
වඳිමු පුදමු විදුහල් මාතා
කිරට හඩන දූ පුතුන් කුඩා
නැණ ගුණ සිප් කිරි දී නළවා
නව ලොවකට යන මං පෙත හෙළිකොට
සියදහසක් වස් වොරැදේවා
වැව් බැඳි රජරට පෙර දරුවෝ
විස්කම් පා යසකිත් දැරුවෝ
ඒ උරුමය යලි අප හට සිහිකොට
පණ පිඩ කළ මැන හිමිකරුවෝ
register register register

About us

අගයමු දස්කම් - ගුණ නැණ විස්කම් වෙමු පුරවැසියන් - විනයෙන් අගතැන්